

සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට සූදානම් වන පරිසරයක් තුළ අහිංසක සතුන් නොරුස්‌නා මනුෂ්‍ය කොට්‌ඨාසයක් විසින් තමන්ගේ සන්තානගත නොමිනිස් කුරිරුකම් විදහාපෑමට මේ දිනවල ප්‍රයත්න දැරීම සංවේගයට කරුණකි.
මේ පීඩාකාරී ක්‍රියාකාරකම් තුළින් චිත්ත සන්තානයේ ඇති කෲර ස්‌වභාවය එළිදැක්‌වෙන වග අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ. බොහෝ මිනිසුන්ගේ සිත් තුළ මෙන්ම ජීවන රටාව තුළට කි¹ බැස ඇති විකෘති වූ මනෝභාවයන් සත්ත්ව හිංසනයට පාදක වේ. "දහම් දිවයින යෑයි විරුදාවලිය ලද අපගේ මවුබිම තුළ සතුන්ට හිංසා පීඩා ගෙන දීම සිදුකරනු ලැබුවද, විදෙස් රටවල ජීවත්වන අන්‍යාගමික පිරිස් තුළ අහිංසක සතුන් පිළිබඳව ඇත්තේ කරුණාව හා සතුන්ගේ සුබසාධනය සැලැසීම සම්බන්ධයෙන් වන ධනාත්මක ක්‍රියාකාරකම්ය.
තායිලන්තය බෞද්ධ රටකි. එහි රජතුමා විශේෂයෙන්ම සුනඛයන් පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමුකර කටයුතු කරයි. එමගින්, රටවැසියන් තුළ යහපත් වූ ආකල්පයන් වර්ධනය කරගැන්මට ආදර්ශ සම්පන්නව ක්‍රියා කිරීමක් දැකිය හැක. රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වාගෙන යනු ලබන සුනඛයන් සංවර්ධනය කිරීමේ මධ්‍යස්‌ථානයන් ඇති අතර පන්සල් ආශ්‍රිතව සත්ත්වයන් සුරැකීමේ මධ්‍යස්‌ථාන ස්‌ථාපිත කිරීමට පූජ්‍ය පක්‍ෂය උනන්දු කර ඇති වගද වාර්තා වේ. එමෙන්ම, විශ්වවිද්‍යාලයන්හි සත්ව රෝහල් ස්‌ථාපනය කොට අධ්‍යාපනය ලබන සිසු පරපුර තුළ පරිසරය හා සතුන් පිළිබඳව කරුණාව හා අහිංසාව පෙරදැරිව සතුන්ගේ පෝෂණයත් රැකවරණයත් සඳහා උනන්දුව ඇති කිරීමට ප්‍රයත්න දරා ඇති ආකාරය ගැන දැන ගැනීමට ඇත.
එහෙත් ශ්‍රී ලංකාව තුළ විද්‍යමාන වන්නේ ඊට හාත්පසින් වෙනස් වූ අකාරුණික කෲර ක්‍රියාකාරකම් වග, සඳහන් කරනුයේ සංවේගය මුසු හදවතිනි.
මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින කොළඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘතිය මගින් දියත් කර ඇති සුනඛ සංහාරය පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියේ සංක්‌ෂිප්ත අරමුණ වේ.
කොළඹ නගරයේ ජීවත්වන සුනඛයින් කාලාන්තරයක් මුළුල්ලේ මනුෂ්‍ය වාසස්‌ථාන ආශ්‍රිතවද, කොළඹ නගරයේ ඇති විවිධ ආයතන ආශ්‍රිතවද ජීවත් වූ වග ප්‍රතික්‍ෂේප කළ හැක්‌කක් නොවේ. රජයේත් පෞද්ගලික ආයතනවලත් ක්‍රියාකාරීව පවතින ආරක්‍ෂක සේවාවන්ට ආදේශකයක් වෙමින් නිහඬව රැකවල්කරුවන් වශයෙන් මෙම සුනඛ පරම්පරාව ස්‌වේච්ඡාවෙන් ඉටුකර ඇත්තේ වැදගත් මෙහෙවරකි.
රාත්‍රි මුරසේවයේ යෙදී සිටින ආරක්‍ෂක රැකවලුත් නිදි කිරද්දි, ආයතන ආරක්‍ෂා කිරීමේ කාර්යභාරය මෙම සුනඛයන් විසින් ස්‌වේච්ඡාවෙන්ම භාරගෙන තිබිණි. මේ නිසා බොහෝ හොර මැරකම් හා අපරාධ වලට තිබූ මංපෙත් අසුරාලීමට මෙම සතුන්ගෙන් ලද සේවය කිසිවකුගේ ඇගැයීමට ලක්‌ව නොමැත.
මෙම සතුන්ට ආහාර සපයමින් මානසික තෘප්තියක් ලබන, අහිංසාව අගයන සත්ගුණවත් බොහෝදෙනෙක් අප අතර සිටිති. මේ නිසාම බොහෝ ආයතනවල සේවක පිරිස් හා ඒ ආශ්‍රිතව වෙසෙන සතුන් අතරද මනා වූ සමීප සම්බන්ධතාවක් ඇති වූවා පමණක් නොව මනුෂ්‍යයා කෙරෙහි හීලෑ කමක්‌ද වර්ධනය වී තිබිණි. මෙම සබඳතාව කිසිසේත්ම නගර අලංකරණයට බාධාවක් නොවීය. නගරයේ වෙසෙන ජනතාවටද මෙම සතුන්ගෙන් හිරිහැරයක් හෝ උවදුරක් වී නොතිබිණි.
ව්‍යායාම් පිණිස හිමිදිරියේදීම ගාලු මුවදොරට පැමිණෙන විවිධ තරාතිරම්වලට අයත් සැමට ළෙන්ගතුකමක් පාමින් සමීපව සිටි සුනඛයන් කිහිපදෙනකු පසුගිය දා කොළඹ මහ නගර සභාවේ මැදිහත්වීමෙන් අල්ලාගෙන වාහනයකට දමා රැගෙන ගිය වගක් වාර්තා වේ.
මෙම සිද්ධිය බෞද්ධ නොවන වෙනත් ආගමික ප්‍රභූවරයකුගේ දෑසට යොමුවී ඇත. සුනඛයන් අල්ලා ගැනීමට ක්‍රියා කළ සේවකයන්ගෙන් ඒ පිළිබඳව මෙම ප්‍රභූවරයා ප්‍රශ්න කළ අවස්‌ථාවේ ලැබී ඇති පිළිතුර වන්නේ. ඉහළින් ලද නියෝගයක් ඔවුන් ක්‍රියාත්මක කළ වගයි. මෙහිදී ඉහත කී ප්‍රභූවරයා සුනඛයන් රැගෙන ගිය වාහනය පිටුපස ගොස් ඇතත්, ඔහුට යැමට හැකිවූයේ සීමා සහිත දුරකි. එම අහිංසක සතුන් මේ වන විට ජීවතුන් අතර සිටීද යන්න පිළිබඳව අංශුමාත්‍රයක හෝ හෝඩුවාවක් නොමැත.
මෙම පසුබිම යටතේ මෙම සතුන් පිළිබඳව මෙම ප්‍රභූවරයා කතාකරනුයේ කනගාටුවෙන් පිරි හදවතින් හා කඳුළු පිරි දෙනෙතිනි. ඉහත සඳහන් කළ සතුන්ට ආහාර හා වෛද්‍ය පහසුකම්ද ලබා දෙමින් රැකවරණය සලසා දී තිබුණේ විදේශික යුවළක් විසිනි. අහිංසාව හා සත්ත්ව කරුණාව පිළිබඳව මෙම දෙපළ සිටිනුයේ බෞද්ධ යෑයි කියාගන්නා ශ්‍රී ලාංකිකයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. මෙම සතුන්ට මේ වනවිට ඇතිවී ඇති ඉරණම සම්බන්ධයෙන් මෙම විදේශික යුවළ දන්නේ නම්, ඔවුන් අපගේ බෞද්ධ සමාජය පිළිබඳව බලවත් කම්පනයකට මෙන්ම කලකිරීමකටද පත්වනු නිසැකය.
ගාලු මුවදොර මෙම සතුන්ට වාසස්‌ථානය වූයේ කෙසේද? කරුණු විමසා බැලීමේදී පහත සඳහන් කරුණු අනාවරණය වේ. කොම්පඤ්ඤවීදියේ නානලාත්, තවත් බොහෝ අයත් ගාලුමුවදොර ආසන්නයේ ආහාර අලෙවිසල් පවත්වා ගෙන යන ලද්දේ කොළඹ මහ නගර සභාවේ දුර්වල පාලනය මධ්‍යයෙහිය. ඉහත කී වෙළෙඳසල්වලින් මෙම සුනඛයන්ට ආහාරයට යමක් සොයාගැනීම පහසු වීය. මෙම අනවසර වෙළෙඳසල් පිළිබඳව කොළඹ මහ නගර සභාව අනුගමනය කළේ නිද්‍රdශීලී ප්‍රතිපත්තියකි. ගාලු මුවදොර පොදු ජනතාවට විවෘතව තිබුණාසේම වාස භුමියක් වශයෙන් එය සුනඛයන්ට හොඳ තෝතැන්නක්‌ද විය.
පසු කාලයක ජනතාවට මනරම් උද්‍යාන පහසුකම් ලබාදීම සඳහා ගාලුමුවදොර ප්‍රතිසංවර්ධනය කිරීමේදී මෙම අනවසර වෙළෙඳසල් ඉවත් කිරීමට යෙදිණි. කවරකුගේවත් හවුහරණක් නොමැතිව සිටි මෙම අහිංසක සතුන්ට එහි අනිසි ආදීනව විඳීමට සිදුවිය. මෙවැනි අවස්‌ථාවල තම මානව අයිතිවාසිකම් රැකගැනීමට මිනිසුන් අධිකරණයේ පිහිට පැතු අවස්‌ථා අපමණවත් ඇත. එහෙත්, සුනඛයින්ට එවැනි පහසුකම් කොයින්ද?
ප්‍රධාන හා අතුරු වීදිවල සති ගණන් ගොඩගැසී ඇති කුණු කඳු ඉවත් කිරීමට සුනඛයන් ඉවත් කිරීමට ඇති උනන්දුවම මහ නගර සභාව විසින් දක්‌වා ඇත්දැයි විමසා බලනු මැනවි. තැන තැන කඳු උසට රැස්‌වන කුණු හා අපද්‍රව්‍ය මතින් බෝවන මැසි මදුරුවන් ගැනත්, ඒ නිසා ජනතාවට පීඩා ගෙන දෙන ඩෙංගු වැනි මාරාන්තික රෝග ව්‍යාප්ත වීම පිළිබඳවත් දක්‌වා ඇත්තේ ඉතාම අල්ප වූ අවධානයකි. කපුටන් විසින් අවුස්‌සන ලද කුණු, පාර පුරා විසිරී ඇති අතර, ඒවා ප්‍රවාහනය කිරීමේදී ඉන් අඩක් මග දෙපස ඇද වැටෙන ආකාරයක්‌ද දැකිය හැක. කුණුගොඩවල්වලින් මතුකෙරෙන අධික වූ දුර්ගන්ධය මගින් ළමා ළපටින්ට හා වැඩිහිටියන්ටද එක සේ ඇති කරන අයහපත් සෞඛ්‍ය තත්ත්වයන්හි ආදීනව තුරන් කිරීමට බල්ලන් නගරයෙන් ඉවත් කිරීමට ඇති උනන්දුව හා සමාන උනන්දුවක් දක්‌වන්නේ නම් අගනගරය කෙතරම් රම්‍ය ස්‌ථානයක් කළ හැකිදැයි නුවණැත්තෝ විමසත්වාෘ එසේ නොවන කල, නගරයේ අලංකාරය හා පිරිසිදුභාවය වෙනුවෙන් කතාකරන මහ නගර සභා බලධාරීන් සුනඛයන් පසුපස හඹායැම හාස්‍යජනකය.
ගාලු මුවදොර මෙම සතුන්ට වාසස්‌ථානය වූයේ කෙසේද? කරුණු විමසා බැලීමේදී පහත සඳහන් කරුණු අනාවරණය වේ. කොම්පඤ්ඤවීදියේ නානලාත්, තවත් බොහෝ අයත් ගාලුමුවදොර ආසන්නයේ ආහාර අලෙවිසල් පවත්වා ගෙන යන ලද්දේ කොළඹ මහ නගර සභාවේ දුර්වල පාලනය මධ්‍යයෙහිය. ඉහත කී වෙළෙඳසල්වලින් මෙම සුනඛයන්ට ආහාරයට යමක් සොයාගැනීම පහසු වීය. මෙම අනවසර වෙළෙඳසල් පිළිබඳව කොළඹ මහ නගර සභාව අනුගමනය කළේ නිද්‍රdශීලී ප්‍රතිපත්තියකි. ගාලු මුවදොර පොදු ජනතාවට විවෘතව තිබුණාසේම වාස භුමියක් වශයෙන් එය සුනඛයන්ට හොඳ තෝතැන්නක්‌ද විය.
පසු කාලයක ජනතාවට මනරම් උද්‍යාන පහසුකම් ලබාදීම සඳහා ගාලුමුවදොර ප්‍රතිසංවර්ධනය කිරීමේදී මෙම අනවසර වෙළෙඳසල් ඉවත් කිරීමට යෙදිණි. කවරකුගේවත් හවුහරණක් නොමැතිව සිටි මෙම අහිංසක සතුන්ට එහි අනිසි ආදීනව විඳීමට සිදුවිය. මෙවැනි අවස්‌ථාවල තම මානව අයිතිවාසිකම් රැකගැනීමට මිනිසුන් අධිකරණයේ පිහිට පැතු අවස්‌ථා අපමණවත් ඇත. එහෙත්, සුනඛයින්ට එවැනි පහසුකම් කොයින්ද?
ප්‍රධාන හා අතුරු වීදිවල සති ගණන් ගොඩගැසී ඇති කුණු කඳු ඉවත් කිරීමට සුනඛයන් ඉවත් කිරීමට ඇති උනන්දුවම මහ නගර සභාව විසින් දක්‌වා ඇත්දැයි විමසා බලනු මැනවි. තැන තැන කඳු උසට රැස්‌වන කුණු හා අපද්‍රව්‍ය මතින් බෝවන මැසි මදුරුවන් ගැනත්, ඒ නිසා ජනතාවට පීඩා ගෙන දෙන ඩෙංගු වැනි මාරාන්තික රෝග ව්‍යාප්ත වීම පිළිබඳවත් දක්‌වා ඇත්තේ ඉතාම අල්ප වූ අවධානයකි. කපුටන් විසින් අවුස්‌සන ලද කුණු, පාර පුරා විසිරී ඇති අතර, ඒවා ප්‍රවාහනය කිරීමේදී ඉන් අඩක් මග දෙපස ඇද වැටෙන ආකාරයක්‌ද දැකිය හැක. කුණුගොඩවල්වලින් මතුකෙරෙන අධික වූ දුර්ගන්ධය මගින් ළමා ළපටින්ට හා වැඩිහිටියන්ටද එක සේ ඇති කරන අයහපත් සෞඛ්‍ය තත්ත්වයන්හි ආදීනව තුරන් කිරීමට බල්ලන් නගරයෙන් ඉවත් කිරීමට ඇති උනන්දුව හා සමාන උනන්දුවක් දක්‌වන්නේ නම් අගනගරය කෙතරම් රම්‍ය ස්‌ථානයක් කළ හැකිදැයි නුවණැත්තෝ විමසත්වාෘ එසේ නොවන කල, නගරයේ අලංකාරය හා පිරිසිදුභාවය වෙනුවෙන් කතාකරන මහ නගර සභා බලධාරීන් සුනඛයන් පසුපස හඹායැම හාස්‍යජනකය.
ජනාධිපති මන්දිරය සහ මහ බැංකු ගොඩනැඟිල්ල ආශ්‍රිත භුමි භාගයේ එක් පසකින් මායිම මහ සයුරයි. අනෙක්‌පස ඇත්තේ තරු පහේ හෝටල් සංකීර්ණයකි. ඒ සමගම මෙහි ක්‍රියාත්මක වන අධි ආරක්‍ෂක කලාපයක්‌ද ඇත. මේ පසුබිමේ සිට කරුණු සමාලෝචනය කිරීමේදී අපට ලැබී ඇති තොරතුරු අනුව වැදගත් සාධක කිහිපයක් වාර්තා වේ. විවිධ කාර්යයන්හි වගකීම් පැවැරී ඇති ආරක්‍ෂක අංශවල පිරිස් විසින් රාත්‍රි කාලයේ ඇතිවන අවිනිශ්චිත අවස්‌ථාවන් සඳහා සහාය කරගැනීමට සුනඛයන් ළංකර ගැනීම සිදුව ඇත්තේ එම සතුන් කෙරෙහි ඇති විශ්වාසය පදනම් කරගනිමින්ය. ආරක්‍ෂක අංශවල පිරිස් මෙන්ම මෙම සුනඛයන්ද ආරක්‍ෂාව පිළිබඳ රාජකාරියට හවුල් වී ඇත. එහෙත්, එම සතුන් විසින් රාත්‍රි කාලයේ සිදුකර තිබූ මෙහෙවර පිළිබඳව මිනිසුන් අතර හැඟීමක් ඇතිවූ බවක් නොපෙනේ.
වසර තිහක් පුරා පැවැති යුදමය වාතාවරණය දැන් පහව ගොස් ඇති නිසා එම සතුන් කෙරෙහි නිසි අවධානයක් යොමු කොට ඇගැයීමක් කිරීමට තරම් අදාළ පාර්ශ්වයන්හි ගුණදහම් මෝරා නොතිබීම කනගාටුවට කරුණකි. මෙම සුනඛයනට කුමක් වූවත් කම් නැතැයි ද යුද්ධයේ දෝංකාරය නොමැති තැන බල්ලන්ගෙන් කුමන ඵලයක්‌දැයි සමහරුන් සිතනවා විය හැක.
නගරය අලංකාර ලෙස හා පිරිසිදුව පවත්වා ගෙන යැම සඳහා කළ යුතු තවත් බොහෝ දේ ඇත. එසේ තිබියදී අහිංසක සුනඛයන් දංගෙඩියට යෑවීම සඳහා නගර පාලකයන් දක්‌වන උනන්දුව අඳුරේ අතපතගෑමකි. නගර පාලනයේ ප්‍රධාන හස්‌තය දරන ඇත්තන්ට බෞද්ධ සංස්‌කෘතික උරුමය පිළිබඳව අවබෝධයක් නොමැති වීම නිසා සත්ත්ව හිංසනයට ලැඡ්ජාවක් බියක් ඇති නොවීම අරුමයක් නොවේ. අහිංසක සතුන්ගේ සුබසාධනය හා සංරක්‍ෂණය සඳහා ස්‌ථාපිත කර ඇති රාජ්‍ය නොවන සංවිධාන මෑතකදී කොළඹ මහ නගර සභාවේ බලධාරීන් සමග කරන ලද සාකච්ඡාවේදී සුනඛයන්ට කෑම බීම දී එම සතුන්ගේ සුබසාධනය සැලැසීම හෙළාදැකීමද කනගාටුවට කරුණකි.
එමෙන්ම, නගර සභාවේ බලධාරීන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන වගට කර ඇති සඳහන සැහැල්ලුවට ලක්‌කරන අන්දමින් සතුන්ට කෲර වීමෙහිලා දක්‌වන උනන්දුව පිළිබඳ ජනතා විරෝධය දැක්‌විය යුතුව තිබේ.
විශේෂයෙන්ම මෙම ක්‍රියාදාමය සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසීමේ උදාර අරමුණට අකුල් හෙළීමක් බව අවධාරණය කළ යුතුව තිබේ. බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම බැව් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් කර තිබූ පමණින් හා සම්බුද්ධත්ව ජයන්තිය මහ ඉහළින් සැමරීමට විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කොට එළිදැක්‌වූ පමණින් එය හරවත් නොවන්නේ, මේ වන විට සිදු කෙරෙමින් පවතින්නාවූ සතුන්ට කෲරවීමේ ක්‍රියාදාමය නිසා වග අවධාරණයෙන් යුතුව සඳහන් කරමි.
සෞඛ්‍යයට සම්බන්ධ රාජ්‍ය ආයතනයක් මගින් අවිහිංසාවට එරෙහිවී සුනඛයන්ට පීඩා කිරීමේ ව්‍යාපෘතියක් ගැන ද කරුණු අනාවරණය කළ යුතුව තිබේ. දිගු කලක සිට මෙම ආයතනයේ කාර්ය මණ්‌ඩලයේ හා මහජනතාවගේ ද කාරුණික අනුග්‍රහය ඇතිව එම ආයතන පරිශ්‍රයෙහි සුනඛයන් පස්‌දෙනකු හැදී වැඩුණි. කෑම බීම සපයමින් උන් නාවා පිරිසිදු කරමින්, එම සතුන්ගේ සුබසාධනය සලසා දෙන ලද්දේ එම ආයතනයේ කනිෂ්ඨ සේවකයන් කිහිපදෙනකු විසිනි. එහෙත් මහජනතාවගේ සෞඛ්‍ය සංරක්‍ෂණය සඳහා කළ යුතු දැ බොහෝ තිබියදී ඒවා පසෙකට දමා සුනඛ මෙහෙයුමක් දියත් කිරීම මෙම අංශයේ නිලදරුවන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාව විය. ඒ අනුව ජනතාවගේ සෞඛ්‍ය සංරක්‍ෂණය වෙනුවෙන් යෑයි පවසමින්, එම සතුන්ට පළපුරුදුව තිබූ පරිසරයෙන් උන් ඉවත් කිරීමට ඔවුහු යුහුසුලු වූහ. එහි ප්‍රතිඵලය වූයේ වත්තල ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්‌ථාන භූමියකට ගෙන ගොස් එහි ඇති අඩි 3 Ü 2 ප්‍රමාණයේ දැල් කම්බි කූඩු තුනක් තුළට මෙම සුනඛයන් ගාල් කිරීමය. වසර දහයක් දොළහක් පමණ කාලයක් නිදහසේ හා නිදැල්ලේ එහා මෙහා දුව පනිමින් සිටි මෙම සතුන් ගාල් කරන ලද කූඩුවලින් එළියට පැමිණීමට කරන ලද අරගලය දුටු කවරකුගේ වුවද සිත් තුළ ඇතිවූයේ ඉමහත් වූ වේදනාවක් හා කම්පනයකි. එම අවස්‌ථාව ඇස් පනාපිට දුටු මා තුළ අකාරුණික මිනිසුන් පිළිබඳ දැඩි කනස්‌සල්ලක් ද කලකිරීමක් ද ඇති විය.
මිනිසුන්ගේ කෲරත්වය සුනඛයන් කෙරෙහි පමණක් නොව අලි ඇතුන් කෙරෙහිද එල්ල වී තිබීම මහත් වූ ෙ€දවාචකයකි. මිනිසුන් නොමිනිසුන් සේ ක්‍රියාකිරීම තුළ අසරණ සතුන් දිනපතා තම ජීවිතවලින් වන්දි ගෙවනු ලැබේ. වත්මන් සමාජයේ කෙරෙන බොහෝ දැ තම ආත්ම ලාභය කේන්ද්‍රීයව සිදුකරන වග පෙනී යයි. තමාට ලාභයක් නොලැබෙන තැන කිසිදු සමාජ මෙහෙවරකට ඉදිරිපත් වීමක් වත්මන් සමාජයේ දැකිය නොහැක.
අහිංසක සත්ත්ව වර්ගයා වෙනුවෙන් කාරුණිකව සැලකිල්ල දැක්‌වීමටත් එම සතුන්ගේ සුබසාධනයත් සඳහා බහුතරයක් ඉදිරිපත් නොවන්නේ එමගින් ඔවුනට අත්වන ආර්ථික ප්‍රතිලාභයක් නොමැති බැවිනි. එම පසුබිම තුළ යම් පාර්ශ්වයක් සත්ත්ව සුබසාධනය සඳහා ඉදිරිපත් වූ විට එම උත්සාහය හා ඉදිරිපත් වන තැනැත්තන්ට සමච්චල් කිරීමට ද නොමිනිස්‌සු ඉමහත් වෙහෙසක් දරති. "මිනිස් වර්ගයාගේ ප්‍රශ්න කෙරෙහි මේ පිරිසට වගකීමක් නොමැතිදැ"යි යනුවෙන් ප්‍රශ්න කිරීමට තරම් ඇතැම්හු කුහක වෙති. ඒ අතරම බුද්ධියෙන් ද මනසින්ද ඉහළ තලයක පසුවන මිනිස් වර්ගයාට උදව් උපකාර කරන සතුන්ද ඇතිවග අමතක කළයුත්තක් නොවේ.
උසස් බුද්ධියකින් හා මනසකින් පෝෂණය නොවූ සතකු විසින් කරනු ලැබූ උපකාරයකට කිසිදා එම සතා ප්‍රතිඋපකාරයක් අපේක්‍ෂා නොකරතත්, මිනිසකු උපකාරයක් කරන්නේ එමෙන් කිහිප ගුණයක ප්‍රතිඋපකාර අපේක්‍ෂාවෙනි. මිනිසා හා සතා අතර ඇති වෙනස මෙයින් තේරුම් ගැනීමට ඔබට භාර කරමි.
අයිරාංගනී ද සිල්වා
සභාපති - සත්ත්ව සුබසාධන භාරය.
විශේෂ ස්තුතිය urajdrlk ,එලකිරි.කොම් ෆෝරමය
Source :- http://www.divaina.com/2011/04/19/feature02.html
No comments:
Post a Comment